Friday, October 17, 2014

Google වලින් වැඩ දාමුද....?


අපේ අයට ඉතිං ගූගල් කිව්වම තව මොනවද නේද.... නිකමටද ගුගල් දෙවියෝ කියලත් කට්ටියක් කියන්නේ.
හැබැයි ඉතිං Google භාවිතා කළාට ඒකේ තියන වැඩ කිඩ ටික නම් ඔයාල හරියටම දන්නේ නැතුව ඇති..
බලන්නකෝ මේවා දන්නවද කියලා....

(විශාල කර බැලීමට රූපය මත click කරන්න.)

For Daily works....
  1.  වචනයක් නිර්වචනය කරගමුද ?    Type-  "define අවශ්‍ය වචනය"
  2.  Text එකක් translate කරගන්න ඕනිද ?  Type- “ translator
  3.  හදිස්සියට  calculator එකක් ඕනිද ? Type- calculator”
  4.  මුදල් පරිවර්ථනය කරගන්න ඕනිද ? Type- “currency converter”
  5. පොතක් ගැන සොයාගන්න ඕනිද? Type-  "Books by කතෘ ගේ නම" (උදා: Books by J K Rowling)
  6.  සිංදුවක් සොයාගන්න ඕනිද? Type-  "Songs by artist ගේ නම" (උදා: Songs by Akon)
  7. සොයාගන්න අවශ්‍යය දේ කටින් කියලම සොයගමුද? Search බාර් එකේ තියන Microphone icon එක click කරලා බලන්නකෝ
  8. නගර දෙකක් අතර දුර, කාලය බලාගන්න ඕනිද? Type- පළමු නගරය to දෙවන නගරය distance (උදා: Colombo to Beliatta distance)
  9.  Timer එකක් ඕනිද ? Type- “Set timer for අවශ්‍ය කාලසීමාව  (උදා: Set timer for 10 minutes)
  10. ඉර උදාව දැනගන්න ඕනිද ? Type- sunrise නගරය
  11. ගුවන් ගමන් ගැන දැනගන්න.. Type-  “Flight පළමු රට to දෙවන රට (උදා:  flight sri lanka to singapore) මෙහිදී අදාළ flight number එක යොදා ද සෙවිය හැක.

For Search....
  1. වචන දෙකක් එකවර සෙවීමේදී මෙම ක්‍රමයට සෙවිය හැක. (උදා: "Accounting" OR "Management")
  2.  PDF එකක් හෝ Powerpoint documents සෙවීමේදී අගට filetype එක බාවිතා කල හැක “PPT/PDF” (උදා: Accounting:pdf)
  3. යමක් සෙවීමේදී එම වචන “” අතරේ යෙදීමෙන් එය නියමාකාරයෙන් සෙවිය හැක.(උදා: "Accounting standard sri lanka")
  4. යමක් සෙවීමේදී අනවශ්‍ය වචනයක් වේ නම් එය ඉදිරියෙන් - ලකුණ යොදා සොයන්න. (උදා: Free music downloads)
  5. වෙබ් අඩවියක් සෙවීමේදී ඉදිරියෙන්  “site:” යොදා පහසුවෙන් සෙවිය හැක. (උදා:site:sampathc.blogspot.com)


For Funny...
  Search බාර් එකේ මෙහෙම ටයිප් කරලා බලන්නකෝ....
  1.    Page එක කරකවලා බලමුද?  Type-  do a barrel roll
  2.    Page එක ඇල කරලා බලමුද ? Type- tilt" or "askew
  3.    'O' අකුරු ඇවිත් page එක කාලා දානවා බලමුද ? Type- "zerg rush" (Click each O three times to kill it)
  4.    පොඩි කාලේ මතක් වෙන්න Building blocks හදමුද ? Click- Build
  5.    Google Images වලට ගිගින් Game එකක් ගහමුද? Type-  "Atari Breakout." (Google Images වලට යන්න tabs බාර් එකේ Images ටැබ් එක ක්ලික් කරන්න)
  6.    මෙතනින් යන්නකෝ.. වැඩ ගොඩායි  (Google Gravity කියල search කලත් මේ වැඩ ටික බලාගන්න පුළුවන්.) උදා: ගේම්ස්,ගිටාර්



හොද නම් අනිත් අයටත් දැනගන්න share පාරක් දාන්න....





Friday, October 10, 2014

CV Formats හොයනවද...? මෙන්න ගන්න.





මේ දවස් වල ගොඩක් අය CV Formats හොයනවනේ...
මෙතන සාම්පල් cv සෙට් එකක්ම තියනවා අවශ්‍යය අය ඉන්නවා නම් බාගන්නකෝ...
සියල්ලම word document විදියට තියෙන්නේ.. ඒ නිසා තමන්ට ගැලපෙන එකක් තෝරාගෙන විස්තර ටික දාගන්න විතරයි තියෙන්නේ...


Download කරගෙන ඒ file එක මත right click කර extract කර ගන්න.







හොද නම් අනිත් අයටත් දැනගන්න share පාරක් දාන්න....

Thursday, October 2, 2014

මෙන්න.. සුපිරිම සිංහල-ඉංග්‍රීසි Dictionary එකක්.....




පට්ටම සිංහල-ඉංග්‍රීසි Dictionary එකක් ලැබුණා..
සුපිරි වැඩ සෙට් එකක් තියනවා. කලින් නම් මේක N Dic.
මේ තියෙන්නේ 2014 අලුත්ම version එක 
“The  Engrisi  Dictionary
අනිත් වැදගත්ම කාරණය මේක රුහුණ Science faculty එකේ අයියා කෙනෙක්ගේ වැඩක්.

මේකේ තියන පහසුකම් ටිකක් පහළ තියෙනවා.. ඒ ටිකත් කියවලම download කරගන්නකෝ.


1) English-English Dictionary

විශේෂ වෙනස් කමක් ලෙස කියන්න පුලුවන් English-English Dictionary එකක්ද මෙහි ඇත. යම් වචනය සිංහල තේරුම හොයද්දි එම වචනයට අදාලව නිසියාකාර තේරුමක් ඩික්ශනරිය මගින් සිංහලෙන් ලැබුනෙ නැතිනම් ඔබට පුළුවන් English වලින් දී ඇති තේරුම ලබාගන්න, More Button එක Click කර එහි ඇති English Definition යන විධානය Select කරන්න. එහි උදාහරණ පවා දැකගන්නට පුලුවන්.  Default Dictionary එක ලෙස English-English Dictionary එක Use කරන්න ඕනි නම් Settings වලින් පුලුවන් ඔබට මේ Option එක Active කරගන්න.

2) Subtitle Translator

Subtitle Translator එක, පෙර වර්ශන් වලදි subtitle එක Auto තමා Detect කරගන්නෙ. එය  Manually Add කරගන්න පුලුවන් ලෙස මෙහිදී සකස්කර ඇත.

3)English Learning Tools

English Learning Tools යටතේ ලබා දීල තියෙන දෙයක් තමා English Tip Tool එකක්, එහිදී දවසකට එකක් ලෙස English වල වාක්‍ය ගොඩනැගීමේදී බාවිතා වන Tricks ඔබට නැරඹීමට අවස්ථාව ලැබෙනවා.

4) Top 10 Words Game

මෙය කලින් ලබාදීල තියෙන Top 10 Words of the Day සමග වැදගත් වන Option එකක් කීවොත් නිවැරදියි. එහිදී අලුතින් පාඩම් කල වචන හුරුවීම සඳහා මේ Game එකෙහි යෙදෙන්න පුලුවන්.

5) Question

Games යටතේ තවත් දී ඇති Tool එකක් තමා Question, එමගින් ඔබට පුලුවන් English වල යෙදෙන නිපාත (preposition) පිළිබඳ වැඩි දුරට අධ්‍යනය කරන්න.

6) Speech

Speech මගින් English වචනයක් Pronounce වන ආකාරය ඇසීමට පුලුවන්.

7) Real Time Search

ඩික්ශනරියේ Max View එකේ සිට English වලින් හෝ සිංහල වලින් වචනයක් Search කිරීමේදී වචනය Type කරන අතර තුර ඒහා තිබෙන වචන ටික ඉක්මනින් ගෙනහැර දැක්වීම කරනු ලබයි.

8) Top 10 Sentences


මෙයත් Top 10 Words of the Day වගේම එකක් කියන්න පුල්වන්. Game එකක් ලෙසත් Use කරන්න පුලුවන්. සරලවම කියනව නම් දවසකට සිංහල වාක්‍ය 10ක් මෙයින් ගොඩනගා දෙනව. ඔබට තියෙන්නෙ ඒවා English වලට පරිවර්තනය කර නිවැරදිද කියල බලා අවබෝධ කරගැනීම.

මේ screen shots ටිකත් බලන්නකෝ....










තව විස්තර ඕනි නම් මේ PDF එකත් අරගෙන බලන්නකෝ.... රූපත් එක්කම තියනවා step by step.




අරන් සාමාන්‍ය විදියට install කරගන්නකෝ....

හොද නම් අනිත් අයටත් දැනගන්න share පාරක් දාන්න....