පට්ටම සිංහල-ඉංග්‍රීසි Dictionary එකක් ලැබුණා..
සුපිරි වැඩ සෙට් එකක් තියනවා.
කලින් නම් මේක N Dic.
මේ තියෙන්නේ 2014 අලුත්ම version එක
“The Engrisi Dictionary”
අනිත් වැදගත්ම කාරණය මේක රුහුණ Science
faculty එකේ අයියා කෙනෙක්ගේ වැඩක්.
මේකේ තියන පහසුකම් ටිකක් පහළ තියෙනවා.. ඒ ටිකත්
කියවලම download කරගන්නකෝ.
1) English-English Dictionary
විශේෂ වෙනස් කමක් ලෙස කියන්න පුලුවන් English-English
Dictionary එකක්ද මෙහි ඇත. යම් වචනය සිංහල
තේරුම හොයද්දි එම වචනයට අදාලව නිසියාකාර තේරුමක් ඩික්ශනරිය මගින් සිංහලෙන් ලැබුනෙ
නැතිනම් ඔබට පුළුවන් English වලින් දී ඇති තේරුම ලබාගන්න,
More Button එක Click කර එහි ඇති English Definition යන විධානය Select කරන්න. එහි උදාහරණ පවා දැකගන්නට
පුලුවන්. Default Dictionary එක ලෙස English-English Dictionary එක Use කරන්න ඕනි නම් Settings වලින්
පුලුවන් ඔබට මේ Option එක Active කරගන්න.
2) Subtitle Translator
Subtitle Translator එක, පෙර වර්ශන් වලදි subtitle එක Auto
තමා Detect කරගන්නෙ. එය Manually
Add කරගන්න පුලුවන් ලෙස මෙහිදී සකස්කර ඇත.
3)English Learning Tools
English Learning Tools යටතේ
ලබා දීල තියෙන දෙයක් තමා English Tip Tool එකක්, එහිදී දවසකට එකක් ලෙස English වල වාක්‍ය ගොඩනැගීමේදී බාවිතා වන Tricks
ඔබට නැරඹීමට අවස්ථාව ලැබෙනවා.
4) Top 10 Words Game
මෙය කලින් ලබාදීල තියෙන Top 10
Words of the Day සමග වැදගත් වන Option එකක් කීවොත් නිවැරදියි. එහිදී අලුතින් පාඩම් කල
වචන හුරුවීම සඳහා මේ Game එකෙහි යෙදෙන්න පුලුවන්.
5) Question
Games යටතේ තවත් දී ඇති Tool එකක් තමා Question, එමගින් ඔබට පුලුවන් English වල යෙදෙන නිපාත (preposition) පිළිබඳ වැඩි දුරට අධ්‍යනය කරන්න.
6) Speech
Speech මගින් English වචනයක් Pronounce වන ආකාරය ඇසීමට පුලුවන්.
7) Real Time Search
ඩික්ශනරියේ Max View එකේ සිට English වලින් හෝ සිංහල වලින් වචනයක් Search කිරීමේදී වචනය Type කරන
අතර තුර ඒහා තිබෙන වචන ටික ඉක්මනින් ගෙනහැර දැක්වීම කරනු ලබයි.
8) Top 10 Sentences
මෙයත් Top 10 Words of the Day වගේම එකක් කියන්න පුල්වන්. Game එකක් ලෙසත් Use කරන්න පුලුවන්. සරලවම කියනව නම් දවසකට සිංහල වාක්‍ය 10ක් මෙයින් ගොඩනගා දෙනව. ඔබට තියෙන්නෙ ඒවා English
වලට පරිවර්තනය කර නිවැරදිද කියල බලා අවබෝධ
කරගැනීම.
මේ screen shots ටිකත් බලන්නකෝ....
තව විස්තර ඕනි නම් මේ PDF එකත් අරගෙන බලන්නකෝ.... රූපත් එක්කම තියනවා step by step.

.jpg)






No comments:
Post a Comment